Skip to content

Breakfast with Rodney Warnakula 2011

    විව්ධාකාරයේ මිනිස්සු, විවිධ වූ අරමුණු වෙනුවෙන් අපවිත්‍ර කරන, අප්‍රසන්න කරන ලෝකය සුන්දර විචිත්‍ර තැනක් බවට නැවත පත් කරන්නෝ කලාකරුවෝ යැයි කෙනෙක් පවසන්නේ නම් එය එසේ නොවේයැයි කීමට කිසිවකුටත් නොහැකි තරම්ය. එවන් හැකියාවක් ඇති සොඳුරු කලාකරුවා රටකට සම්පතක් වන්නේ එබැවිනි. සුන්දර හදවත් හිමි එවන් අව්‍යාජ මිනිසුන්, ප්‍රතිභාවයන් උරුම කලාකරුවන්, බොහෝ දෙනෙකු අප රටේ අදටත් සිටීම රටේම වසනාවකි.
    ඒ අතුරින්, වේදිකාවෙන් පටන් ගෙන රංගන කලාවේ දැනට පවතින සියළුම ක්ෂේත්‍රයන් හරහා ජනාදරයට පාත්‍ර වූත්, ගායනයෙන් කාලාන්තරයක් පවතින ගීත අපට දායක කලා වූත් රොඩ්නි වර්ණකුල කලා කරුවාත්, අපට සිටින දක්ෂ වේදිකා මෙන්ම ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු වන සරත් චන්ද්‍රසිරි කලාකරුවාත් මෙල්බර්න් නුවර කල චාරිකාවක් අතරතුරදී “අලබෑන්ඩ්” කණ්ඩායමත් සමග සුන්දර හෝරා කිහිපයක් ගත කරන්නට යෙදුනා. ගීත ගායනයෙන් සහ විනෝදජනක සුහද කතාබස් වලින් පිරි ඒ හෝරා කිහිපය අපට කිසිදිනකත් අමතක නොවන මතක සටහනක් කරන්නට ඒ නිහතමානී කලාකරුවන් දෙදෙනා සමත් වූ බවනම් කිව යුතුමය. ඒ ඔවුන්ගේ සහජ හැකියාවන් ද අභිබවන්නට තරම් ඔවුන් තුල පැවති සරල බවත්, අව්‍යාජ බවත්, නිහතමානී කමත් නිසාවෙන්මය.