Skip to content

KDK Dharmawardena

    මේකුලු, හසුන්, බිඟු, මීවිත, සුරත් වැනි වදන් සුලභව තම ගී රචනාවල යොදාගැනීමත්, අදර, මලවිකරලිය, බෙයද, විලිකුන්, ලෙවන්, පුන්කුඹු, මතඟන වැනි යෙදුම් සිංහල ගීයට හඳුන්වාදීමත්, සෘංගාර රසය හෙළ ගී සාහිත්‍යය තුලට මැනවින් මුහුකිරීමත් නිසා අනන්‍යතාවයක් දිනූ ගීත රචකයෙකි කේ.ඩී.කේ ධර්මවර්ධන. පහළින් දක්වා ඇති ගී අනුඛණ්ඩ කිහිපයම ප්‍රමාණවත් වේවි ඔහු කෙතරම් විදග්ධව,… Read More »KDK Dharmawardena


    H.M.Jayawardena (හෙළ ගී තනුවේ රම්‍ය සඳ කිරණ)

      රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනී හිරිකඩ බාගෙන පොල් අතු ඉගිළෙයි අද නුඹෙ සිරි යහනේ….. මා ළමා වියේ දී නිරායාසයෙන් කණ වැකී මතකයෙ ‍රැඳුනා වූත්, යොවුන් වියේදී ආයාසයෙන් අසා සංවේදනය මුසු රසාස්වදයක් ලැබුවා වූත්, පසුකාලීනව අකුරක් ස්වරයක් පාසා විමසිලිවත්ව මටම ආවේණික වූ භාවාත්මක වින්දනයක් ලැබුවා වූත් සුවිශේෂී ගීයක මුල්… Read More »H.M.Jayawardena (හෙළ ගී තනුවේ රම්‍ය සඳ කිරණ)


      R.A.Chandrasena (ආර්. ඒ. චන්ද්‍රසේන)

        ඔනෑම ක්ෂේත්‍රයක් තුල කැපී පෙනෙන මෙහෙවරක් කල කෘතහස්ත මිනිසුන්ගේ නාමයන් කාලයේ වැලිතලාවෙන් වැසී නොගොස් පවතිනුයේ ඔවුන් ඉතිරිකර ගියදෑ මිනිස් වර්ගය අතරේ කාලාන්තරයක් පුරාවටම භාවිතයේ පවතින නිසාවෙනි. නිර්මාණ කලාවේදී ද යම් නිර්මාණකරුවෙකුගේ නිර්මාණයන් යම්කිසි මිනිස් කොට්ඨාශයකට රස වින්දනයක් ලබා දෙමින් කාලයක් පුරාවට පවතීද, එම නිර්මාණකරුවා එම සමාජයේ කෘතවේදී මිනිසුන්ගේ මතකයෙන් ඈත්… Read More »R.A.Chandrasena (ආර්. ඒ. චන්ද්‍රසේන)


        Away from the Pearl (මුහුදින් එතෙර)

          මුහුදින් එතෙර ඈතකයසිසුරු සපිරි ජීවිතයක් සොයාමව් බිමෙන් පිටවෙලා දුකින්නික්මුනා දිනයකදි අතීතේලක් බිමේ දිවි ගෙවූවන් හෙයින්දැනුනා සුවද අපේ කමේ එකමුතුකම , සහෝදරත්වය , මිත්ත්‍රශීලී බවපසක් කරමින් ලොවටනිම වුනා සොදුරුතම “අලබෑන්ඩ්”බොහෝ නොපනත්කම් සිදුවනවිද්යුත් ජාලයේඋතුම් ආදර්ශයක්, මිහිරිතම නිමේශයන්සුන්දර වූ අතීතාවලෝකනයන් සමගින්ලබා දුන්නා සැම දනන් හටමනසට සොදුරු සුගායනයන්තවත් දිගු කලක් වැජඹීදනන් තුඩ තුඩ රැව්… Read More »Away from the Pearl (මුහුදින් එතෙර)


          AlaBand 3rd Anniversary (අලබෑන්ඩ් තෙවැනි සංවත්සරය)

            සොඳුරුයි මිහිරියි මතක අතීතයපුදුමයි දින සති ගෙවුනු අපුරුවමිතු දම් බැඳි සිත් එකට එකතු කරපෙරමඟ සරසමු මතු පරපුරකට සිනහව කඳුළද එක්ව දරාගෙනවැ‍ටුනු කඳුළකට අරුතක් එක් කොටසියල් පිහිට ලැබ අත්වැල් බැඳගෙනපුද දෙමු සිරිලක් නමට මියුරුසර ~ නිරෝෂා ~


            The Lost Heritage (ගිලිහුණු උරුමය)

              පුංචි පැටව් දුව පැන්නම ලන්දට හරි ආස හිතෙනබටිති පැටව් රෑන් ඇවිත් ලන්ද දිගට සින්දු කියනඉඳි කොළ ටික හිනා වේවි රතුම රතුයි කියන කලටකවද දුවේ ගමට යමුද අපට උරුම නැති රට සිට සීනු හඬයි අවුරුද්දයි නෑ දැනුනේ කිසි වෙනසක්දෝත දිදී අපි වැන්දා යන එන මග බෝ ගසටත්සුළඟ ඇවිත් වෙල් යායට හරිම… Read More »The Lost Heritage (ගිලිහුණු උරුමය)


              Immortal Lyricist (අමරණීය ගී පද රචකයා)

                අපට වඩා බොහෝ දියුණු සංගීත කලාවකට උරුමකම් කියන රටවල් වෙතත්, සිහල බස කතා කරන ලාංකික අපට සංගීත කලාව හා සබැඳුනු අද්විතීය ගීත සාහිත්‍යයක් ඇති බව අතිශයෝක්තියකින් තොරව පැවසිය හැක්කකි. සේකරයන් පැවසූ පරිදි ගීතය නැමැති කනප්පුවේ පාද තුනෙන් එකක් වන පදරචනාව මුල්කොට ගෙන බිහිවී, කාලයක් පුරාවට පෝෂණය වී කෙමෙන් වියපත්වන විශිෂ්ඨ… Read More »Immortal Lyricist (අමරණීය ගී පද රචකයා)


                Ape Sindu (අපේ සින්දු)

                  “ගී පොතයි මිවිතයි” කියන්නේ බොහොම අපූරු  සුසංයෝගයක්. මහමෙරක් වගේ ඔලුව උඩ තියාගෙන ඉන්න බර පොඩ්ඩක් හැල්ලු කර ගන්න විතරක් නෙමෙයි, රැයක් පහන් වෙනකල් ම විනෝදයෙන් සැහැල්ලුවෙන් ගතකරන්න හැකි පසුබිමක් මිහිමත මවන්න ඔය කියපු සුසංයෝගයට පුළුවන්ය කියන එක ඉතිං දන්නෝ දනිති. ලෝකේ කොයි අස්සක මුල්ලක හිටියත් ඉතිං ලාංකීය ජාන ශරීර ගත… Read More »Ape Sindu (අපේ සින්දු)


                  Birth of AlaBand (අලබෑන්ඩ් උපත)

                    ඔන්න ඉතින් එකමත් එක කාලෙක ශ්‍රී ලංකාවේ සිට මිතුරෝ කිහිප දෙනෙක් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය උනාලු. ගොඩක් කට්ටිය රැකියාව කලේ පරිගණක ක්ෂේත්‍රයේලු.  එත් ඔක්කොම ටික සංගීත පිස්සෝ ටිකක්ලු. ඉතින් ඔතන උන්නලු ගිටාර් එක පොඩ්ඩක් ගහන්න පුළුවන් එකෙක්. කට්ටිය සෙට් උනාම බොහොම අමාරුවෙන් ඌ chords බල බල ගිටාර් එක ගහනවලු. තව එකෙක් උන්නලු… Read More »Birth of AlaBand (අලබෑන්ඩ් උපත)