Skip to content

KDK Dharmawardena

    මේකුලු, හසුන්, බිඟු, මීවිත, සුරත් වැනි වදන් සුලභව තම ගී රචනාවල යොදාගැනීමත්, අදර, මලවිකරලිය, බෙයද, විලිකුන්, ලෙවන්, පුන්කුඹු, මතඟන වැනි යෙදුම් සිංහල ගීයට හඳුන්වාදීමත්, සෘංගාර රසය හෙළ ගී සාහිත්‍යය තුලට මැනවින් මුහුකිරීමත් නිසා අනන්‍යතාවයක් දිනූ ගීත රචකයෙකි කේ.ඩී.කේ ධර්මවර්ධන. පහළින් දක්වා ඇති ගී අනුඛණ්ඩ කිහිපයම ප්‍රමාණවත් වේවි ඔහු කෙතරම් විදග්ධව, සුන්දරව සෘංගාරාත්මක රසය ගීයට මුහුකල සාහිත්‍යධරයෙක්දැයි තේරුම්ගැනීමට.

    “උකුල ලැමහස මලවිකරලිය
    මුවා කළ ඇගෙ දුහුල් සළුතිර
    විවර කෙරුවා මනස් සළෙලුන්
    උමතු වූ දෙනුවන් රැහැන් ඇද
    මා අබියස මැවුණු තුසිතය
    සුරන් නැල වූ සුයාමය”

    “දෙඅදර විලිකුන් සුරත් ඵලේ පෙම් මදිරා අයදිමින් සැලේ”

    “නීල බිඟු කැළ තාමරස පෙළ
    ආදරෙන් සනසාලා
    තිසර තුඩු මුදු තඹර පහසින්
    මෝහනය වීලා”

    “ළැම විල පියකරු හසුන් රකින්නී
    සිහිනිඟ සුවිපුල් උකුල් දරන්නී
    මන්මද නර්තන රංගන කළ මැන”

    “ලයෙහී රන් ගිරි සිරසේ රැදෙමී මා විත් වළාකුලක් සේ”

    “විතක් මදු පෙරා ගෙනැල්ලා සුරන් රවටලා ඇසක් ඉඟිමරා රැඟුම්පා මුවට යා කලා”

    “උපුල් කොපුල් වෙහෙසී ඇතේ සුරත් නුවන් පියවී යතේ තොලේ අමා ගෑවේ එහා ලොවේ පාවේ”

    “රන්බඳ රන්කුඹු රන්සළු එලා චන්දන අංජන දෙනෙතේ උලා සිහින විමානේ ආදර මතඟන මා වෙත ඈ එනවා”

    කේ.ඩී.කේ ඉතිරිකර සමුගත් රසයෙන් කොටසක් ලැයිස්තුගත කලොත්…..

    මහ වැස්සක පෙරනිමිති පෙනෙනවා
    කුමරියක පා සළඹ සැළුනා
    මා සනසා මා නළවා
    රන් මීවිත පුරවා
    නිලුපුල් යුවලේ
    රණඹර ඉඳු දුනු
    මගෙ හිත පිරී තිබෙන්නේ
    සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්
    නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි
    රන් මසු නැහැ කියා
    ඇගෙ සිනහව තහනම්
    බිඟු වැලපීලා මල් පරවීලා
    ඝන අඳුරේ රළ පතරේ
    වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ
    සිටු කුමාරියේ ඔබේ සිනා
    උපුල් කොපුල් වෙහෙසී ඇතේ
    සුවඳ දෙන මල් වනේ
    දිනෙක හිරු බැස යන වෙලාවක
    හද පතුලේ
    හඬන්නෙපා දැන්
    ඉවුරු තලා ගංඟා බැස යනවා
    කවුදෝ කවුදෝ මා සෙව්වේ
    සතුටු සුළං රැළි හමා ගියා
    මගෙ සිත වෙනතක
    රන් තැල්ලක් ගෙළ බැන්දේ
    කොහේ සිට ඔබ පැමිණියේදෝ
    මා හා එදා ප්‍රිය සාදයේ
    ඔබට සිත ආදරේ කරයි
    කලේ පැන් ඇත
    අද හවසට මා හමුවනු මැනවි
    පෙම් බැන්ද සිත් බැන්ද
    නීල බිඟු කැල
    පැරදීලා පලා ගියේ නෑ
    සයුරු තෙරේදී
    වෙන්වෙන්නමදෝ ළං වූයේ
    අද හෙට ඔබ මා අතහැර යනබව
    ආදරේ රන් බිඟුන් නැසූ
    කෙසේ කියන්නද ඔබ මා අතහැර
    හෝපලු වනපෙත කම්පිත කරවන
    හඬන පණ නල
    ආදර සීනුව
    අමකර කුරවි සරින්
    සිනහ වෙනු මැන වේදනා පිසදා
    රිදී නිම්නය කඳුළු නිම්නය
    සීතාවනි ඔබ හැඩ රුව ඇති බව
    බිඟු බමා බමා
    ගම මහනුවරයි
    සුරඟන වෙස් වලා
    හවසට පායා අරුණේ සැඟවෙන
    රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙළට නෑ
    සඳ හිරු තරු පවතිනතුරු

    ~පාලිත ඉද්දමල්ගොඩ~