බක් මාසයේදී ශ්‍රී ලංකාවේ උත්කර්ෂවත් ලෙස පවත්වන අළුත් අවුරුදු සැමරීම් හා සමගාමීව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර අප අලබෑන්ඩ් සහෘද එකමුතුව මගින් 2012 වසරේ අප්‍රේල් මස 14 වෙනි දින අළුත් අවුරුදු උළෙලක් සවිධානය කෙරුනි. උදැසන 9.30 සිට මධ්‍යම රාත්‍රිය දක්වාම මෙම අවුරුදු උළෙල අප වෙබ් අඩවිය ඔස්සේ සජීවීව ලොව පුරා විකාශය කිරීම කාටත් නැවුම් අත්දැකීමක් වූ අතර ම එවැන්නක් සිදු කෙරුනු මුල්ම අවස්ථාව ද මෙය විය හැකි බවින් එම ඓතිහාසික කර්තව්‍යය සාර්ථකව සිදු කිරීම පිළිබඳව අපි නිහතමානීව සතුටු වෙමු.