Skip to content

Avurudu 2011

    අපේ “අලබෑන්ඩ්” හිතවතුන් හිතවතියන් තම දූ දරුවන් එක්ක එකතු වෙලා 2010 වසරෙ බොහොම පුංචියට පවත්වපු අවුරුදු උළෙල කාටත් අපූරු අත්දැකීමක් වුණා. ඉතිං ඒ ඇති වෙච්චි ප්‍රබෝධයත් ගැම්මත් නිසාවෙන්ම වැඩි පිරිසක් සහභාගී කරගෙන 2011 අවුරුද්දෙ කලින්ටත් වඩා ඉහලින් මේ වැඩේ කරන්න කවුරුත් එකා වගේ පෙරමුණ ගත්තා. ඒ අනුව 2011 අප්‍රේල් මාසෙ මෙල්බර්න් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයන් 150 කට වැඩි පිරිසක් සහභාගී කරගෙන “අපේ අවුරුදු උළෙල 2011” නමින් අපූරු අවුරුදු උළෙලක් පැවැත්වුවා. උදෑසනින් කිරි උතුරවා, දෙමව්පියන්ට හා වැඩිහිටියන්ට බුලත් දී වැඳලා අවුරුදු කෑම බීම කවුරුත් එකට එකතුවෙලා කාලා බීලා, අපිට හුරුපුරුදු අවුරුදු ක්‍රීඩා එහෙමත් කරලා වැඩේ අන්තිමට ඉවරවුනේ මධ්‍යම රාත්‍රියත් පහු වෙනකල් “අලබෑන්ඩ්” එකත් එක්ක කට්ටියම සින්දු කියලා නටලා එහෙම තමයි. කොහේ හිටියත් ඉතිං අපේ අවුරුද්ද අපි සමරන්නෙ නැතුව ඉතිං වෙන කවුරු සමරන්නද?

    « of 4 »