ඉස්සර ඉතින් අපි පොඩි කාලේ, සිංහල හින්දු අලුත් අවුරුදු දවස්වල එළියට පහලට බැහැලා වට පිට ඉන්න අනික් පොඩි එවුනුත් එක්කලා එකතු වෙලා මොනතරම් නම් විනෝද වෙනවද? හොඳට තෙලෙන් බැදපු, කිතුල් පැණියෙන් හදාපු නානාප්‍රකාර කැවිලි ජාති බඩ පැලෙනකල් ඇදබෑවෙ හරියට කොලෙස්ටරෝල්, සීනි කියල දෙයක් මේ ලෝකේ නැති ගානට. තද රතු පාටින් ඇස් කඩාගෙන යන සයිස් එකට පොකුරු පිටින් පිපිල තියෙන එරබදු මල් දැකපු නැති, කන් පිරෙන්න ඇහෙන කොහාගේ හඬ අහපු නැති, පැණි බේරෙන කජු පුහුලමක රහ බලපු නැති පොඩි එකෙක් එකියක් ඒ කාලේ හොයා ගන්න ලේසි වුනේ නැහැ.
ඉතිං ඔය කියාපු සුන්දර වටපිටාවෙන් බොහොම ඈතට ඇවිදින් ඉන්න අපි, TV, PS. DS, iPod, iPad, laptop ආදී මෙකී නොකී තාක්ෂණික මෙවලම් හා ජංගම උපකරණ වලට යටවී ඉන්න අපේ පොඩි එවුනුත් එකතු කරගෙන අපේ “අලබෑන්ඩ්” සෙට් එකේ ප්‍රධානත්වයෙන් ප්‍රථම වතාවට පුංචි අවුරුදු උත්සවයක් සංවිධානය කළා 2010 අප්‍රියෙල් මාසයේ. දවස පුරාවටම අර කිව්ව ඉලෙක්ට්‍රොනික ලෝකෙන් මිදිලා වැඩිහිටි පිරිසත් එක්ක එකතු වෙලා අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර එහෙමත් කරලා දුවල පැනලා සෙල්ලම් කරපු අපේ පොඩි එවුන් පුදුමාකාර විනෝදයක් හා සතුටක් ලැබුවා. ඉතිං ඒ අපේ පළමු අවුරුදු උළෙලේ මතක සටහන් තමයි මේ.