Skip to content

3rd Anniversary 2012

    ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙනා එක්තරා ශ්‍රී ලාංකික සොයුරු සොයුරියන් පිරිසක්, 2009 ඔක්තෝබරයේ, මියුරුසර සමගින් විනෝදාත්මකව ගෙවූ සුන්දර රාත්‍රිය මිත්‍රත්වයෙන් බැන්දුනු මෙවන් දිගු ගමනක ඇරඹුම වනු ඇතැයි ඔවුන් කිසිවකු එදා නොසිතන්නට ඇත. සංගීතයේ චමත්කාරය හා මුසුව වඩාත් සවිමත් වූ මිත්‍රත්වයක් හරහා බිහිවූ ඒ සහෘද එකමුතුව ‘අලබෑන්ඩ්’ නමින් නම් කෙරිනි. ඒදා පටන් තෙවසරක් පුරා මිතුදම් වැඩෙමින් ගෙවුණු මේ කාල සීමාව තුල, විවිධ ප්‍රජා කටයුතු මෙන්ම, ශ්‍රී ලංකාව තුල යම් යම් අනපේක්ෂිත අවස්ථා වලට මුහුණපෑ හිතවතුන් හිතවතියන් කිහිප දෙනෙකුට අත හිත දීමටත් තරම් ශක්තියෙන් යුත් සොඳුරු එකමුතුවක් බවට පත් වීමත් ඒ සියල්ල සමගින් ලොවපුරා විසිර සිටින අපේ හිතවතුන් හිතවතියන් අන්තර්ජාලය ඔස්සේ සංගීතයෙන් කුල්මත් කිරීමට හැකිවීමත්, ‘අලබෑන්ඩ්’ නම් වූ ඒ පුංචි එකමුතුවේ ජයග්‍රහණයන්ය. ගෙවුනු වසර තුනේදීම මෙල්බර්න් නුවර වෙසෙන ශ්‍රී ලාංකික හිතවත් පිරිස හා එක්ව පැවැත් වූ ශ්‍රී ලාංකික අවුරුදු උළෙල මේ එකමුතුවේ ශක්තිය කියා පෑ සුවිශේෂී අවස්ථාවන් ලෙස සැළකිය හැකිය. මේ අතර නැවුම් අත්හදා බැලීමක් ලෙස 2012 වසරේ ‘අලබෑන්ඩ්’ අවුරුදු උළෙල උදෑසන 9 සිට මධ්‍යම රාත්‍රිය දක්වාම අන්තර්ජාලය ඔස්සේ සජීවීව ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයෙන් ලොවපුරා සාර්ථකව විකාශය කිරීමට හැකිවීම සුවිශේෂී අවස්ථාවකි. අතිශය කාර්‍ය භහුල ජීවන රටාවක් පවතින පරිසරයක වෙසෙමින්, එකම පවුලක් ලෙසින් එකට බැඳී, ලොකු කුඩා සැවොම එකමුතුව වසර තුනක් මුළුල්ලේ ගෙනගිය සංගීතය මුල් කරගත් සාමූහික ප්‍රයත්නයන්හිදී, අපට වරින් වර අතහිත දුන් සියලු දෙනාටම තෙවර්ෂ පූර්ණය සමරණ මේ මොහොතේ, ‘අලබෑන්ඩ්’ සහෘද එකමුතුවේ හර්ද්‍යාංගම ස්තුතිය පිරිණැමෙනු ඇත.