![](https://alaband.alachords.com/wp-content/uploads/sites/4/2024/01/sri-lanka-kids-singingx400.jpg)
පුංචි පැටව් දුව පැන්නම ලන්දට හරි ආස හිතෙන
බටිති පැටව් රෑන් ඇවිත් ලන්ද දිගට සින්දු කියන
ඉඳි කොළ ටික හිනා වේවි රතුම රතුයි කියන කලට
කවද දුවේ ගමට යමුද අපට උරුම නැති රට සිට
සීනු හඬයි අවුරුද්දයි නෑ දැනුනේ කිසි වෙනසක්
දෝත දිදී අපි වැන්දා යන එන මග බෝ ගසටත්
සුළඟ ඇවිත් වෙල් යායට හරිම සරුයි කියන කලට
කවද දුවේ ගමට යමුද අපට උරුම නැති රට සිට
~ නිරෝෂා ~