Skip to content

Away from the Pearl (මුහුදින් එතෙර)

    මුහුදින් එතෙර ඈතක
    යසිසුරු සපිරි ජීවිතයක් සොයා
    මව් බිමෙන් පිටවෙලා දුකින්
    නික්මුනා දිනයකදි අතීතේ
    ලක් බිමේ දිවි ගෙවූවන් හෙයින්
    දැනුනා සුවද අපේ කමේ

    එකමුතුකම , සහෝදරත්වය , මිත්ත්‍රශීලී බව
    පසක් කරමින් ලොවට
    නිම වුනා සොදුරුතම “අලබෑන්ඩ්”
    බොහෝ නොපනත්කම් සිදුවන
    විද්යුත් ජාලයේ
    උතුම් ආදර්ශයක්, මිහිරිතම නිමේශයන්
    සුන්දර වූ අතීතාවලෝකනයන් සමගින්
    ලබා දුන්නා සැම දනන් හට
    මනසට සොදුරු සුගායනයන්
    තවත් දිගු කලක් වැජඹී
    දනන් තුඩ තුඩ රැව් නැගෙන්නට
    අපේ කම තව තව වැඩෙන්නට
    පතන්නම් මා ඉත සිතින්
    සෙනෙහෙබර “අලබෑන්ඩ්” සත වෙත
    සුබාසිරි , ජය , සතුට සැමවිට

    ~ චන්ද්‍රිකා දමයන්ති ~