![](https://alaband.alachords.com/wp-content/uploads/sites/4/2024/01/YouTubeProfile2.jpg)
ඔන්න ඉතින් එකමත් එක කාලෙක ශ්‍රී ලංකාවේ සිට මිතුරෝ කිහිප දෙනෙක් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය උනාලු. ගොඩක් කට්ටිය රැකියාව කලේ පරිගණක ක්ෂේත්‍රයේලු. එත් ඔක්කොම ටික සංගීත පිස්සෝ ටිකක්ලු. ඉතින් ඔතන උන්නලු ගිටාර් එක පොඩ්ඩක් ගහන්න පුළුවන් එකෙක්. කට්ටිය සෙට් උනාම බොහොම අමාරුවෙන් ඌ chords බල බල ගිටාර් එක ගහනවලු. තව එකෙක් උන්නලු උට ස යන්න කියපු හැටිය ස යන්නෙන් පටන් ගන්න සින්දු ටික ඔක්කොම කියලලු නතර වෙන්නෙ.තව එකෙක් අතට අහුවෙන සාස්පානක් හෝ බේසමකට තට්ටුවක් දාල පොඩි ගැම්මක් දෙනවලු සින්දු වලට. ඔය ගිටාර් කාරයාගේ wife උත් පැත්තක ඉඳල හෙමිහිට සින්දු වල තාලේ අල්ලනවලු. සෙට් එක මෙහෙම ටික කාලෙයක් ගිටාර් ගහලා තට්ටුවක් දාල සින්දු කිව්වලු.
ඉතින් කාලයක් යද්දී අර L බෝර්ඩ් ගිටාර් කාරය ඒ වැඩේ අත ඇරලා electronic drum සෙට් එකක් හදන්න ගත්තලු. ඉතින් බොහොම අමාරුවෙන් ඕක අටවලා ඊට පස්සේ ඔය drum එක ගහ ගහ කාලයක් සින්දු කිව්වලු. එක දවසක් මෙහෙම සෙට් වෙලා සින්දු කියනකොට සැගවුණු දක්ෂතා තිබ්බ බොහොම තැන්පත් piano කාරියක් මෙතෙන්ට සෙට් උනාලු. දැන් ඔන්න වැඩේ ටිකක් නැගල යනවලු.
මෙහෙම යනකොට හදිස්සියේ බොන්ගෝ බෙරයකුත් අරන් පොරක් කඩා පාත් උනාලු. එතකොටම මෙතෙන්ට තව එකෙක් සෙට් උනාලු, පොරට සින්දු කියන්න හරි ආසාවක් සහ හැකියාවක් තිබ්බලු. ඒත් එක්කලම පොරගේ විනෝදාංශය YouTube එකට videos upload කරන එකලු. දැන් ඉතින් කට්ටිය සින්දු කියන ගමන් මූ video කරලා එව්වා YouTube දානවලු. දැන් සෙට් එක අන්තර්ජාලයේ සින්දු කියන scene එකලු. දැන් වැඩේ නියමෙට යනවලු. ඔහොම ටික කාලෙයක් යද්දී එල ගිටාර් කාරයෙකුත් මෙතන්ට සෙට් උනාලු. දැන් නම් ඉතින් සෙට් එක එලම කිරිලු. එන්න එන්නම කට්ටියගේ වැඩ වල quality එක වැඩි වෙනවලු. ඉතින් මේ සෙට් එකේ අනිත් යාළුවො ටික සහ අඹු දරුවොත් මේකට දැන් සෙට් උනාලු.
ඔන්න ඔහොමලු ඉතින් අලබෑන්ඩ් හැදුනේ.
~ අලයා ~