Skip to content

Blood Donation Campaign #2 – Feb 2013

    අලබෑන්ඩ් ලේ දන් දීමේ වැඩමුළුව #2 – 2013 – වික්ටෝරියානු රතුකුරුස සමාජය යටතේ ලියාපදිංචි කර ඇති “අලබෑන්ඩ්” නම් වූ ලේ පරිත්‍යාගශීලීන්ගේ කණ්ඩායම මගින් දෙවන වරටත් සංවිධානය කෙරුනු ලේ දන්දීමේ වැඩසටහන 2013 පෙබරවාරි මස 17 වෙනි දින, මෙල්බර්න්හි ලාට්‍රෝබ් විශ්ව විද්‍යාල පරිශ්‍රයේ පිහිටි රතු කුරුස සංවිධාන මධ්‍යස්ථානයේදී පැවැත්වුණි. අන් අයෙකුගේ ජීවිතයක් බේරාගැනීම සඳහා තමන්ගේ ලේ පරිත්‍යාග කිරීමේ උත්තුංග අරමුණ පෙරදැරි කරගත් අලබැන්ඩ් සාමාජික සාමාජිකාවන් ඇතුළු තවත් කිහිප දෙනෙකුන්ම මෙහිදී තම රුධිරය පරිත්‍යාග කරන ලදී.