Skip to content

10th Anniversary – Housing Project

    සංගීතයේ හා මිත්‍රත්වයේ සහෘද එකමුතුවක් ලෙසින් වසර දහයකට පෙර එකට බැඳුනු අලබෑන්ඩ් නමින් අප හඳුන්වාගත් මෙල්බර්න්වාසී සහෘද පිරිස, සිය දහවෙනි සංවත්සරය සහෝදර ලාංකීය දරු පවුලක මුවග අව්‍යාජ සුන්දර සිනා රැල්ලක් රඳවමින් වඩාත් අර්ථාන්විත ලෙසින් සමරන්නට පසුගිය මාස කිහිපය තුල ක්‍රියාත්මක වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක සිව්දරු පවුලකට අංග සම්පූර්ණ නිවසක් ගොඩ නගාදීමට අලබෑන්ඩ් සහෘද එකමුතුවට හැකියාව ලැබුණා. එය දසවසරක් පුරාවට අප උපන් රටේ සහෝදර පිරිස් වෙනුවෙන් අලබෑන්ඩ් අප විසින් නිහඬව කෙරුණු ව්‍යපෘතීන් අතුරින් එකක් පමණක් වුවත් එය විදෙස්ගත සමූහයක් ලෙස අප වඩාත් සතුටට පත්කල සත්කාරයක් බව කිව යුතුමය. පසුගියදා අලබෑන්ඩ් සොයුරු සොයුරියන්ගේ මව් දෙමාපියන් විසින් එම නිවස ඒ දරුපවුල වෙත ලබාදුන් මොහොතේ කඳුළු අතරින් ඔවුන් මුව රැඳුනු ඒ ආදරණීය සිනා රැළි, අලබෑන්ඩ් දහවෙනි සංවත්සරය, අප මියෙනාතුරා හදවතේ රඳවාලීමට තරම් ශක්තිමත් වූවක් බව මෙහි පළ නොකරන අපවෙත ලැබුණු චායාරූප අපට කියාපෑවා.

    මෙම කර්තව්‍යය සම්බන්ධීකරණයෙන් අප හට සහයෝගය ලබා දුන් චමිල පතිරණ, බුද්ධික හරිස්චන්ද්‍ර සොයුරන් ඇතුලු ගෞතම දරුවෝ ආර්යා පදනමටත් අපගේ ස්තුති ප්‍රණාමය.

    සැමදා අලබෑන්ඩ් අපට දිරිදුන් ශක්තිය දුන් ඔබ සැමත් ඒ සතුටට දායක කරගැනීම පිණිසයි මේ සටහන.