සංගීතයත් මිත්රත්වයත් හරහා පුළුල් සාමාජීය මෙහෙවරක් උදෙසා අප ගන්නා මේ සාමුහික උත්සාහයට උරදෙන දැවැන්ත එකමුතුවේ සාම්ජිකත්වයයි මේ. අතිශය කාර්ය බහුල පරිසරයක වෙසෙමින්, අලබෑන්ඩ් නම් වූ මේ සොඳුරු සහෘද එකමුතුව ඔස්සේ සාමුහික අරමුණු කරා යෑමට එක්සිත්ව සිය කාලය ශ්රමය නිති කැපකරනා මේ සොයුරු සොයුරියන් හා ඔවුන්ගේ දරු පවුල් අප ගන්නා මේ උත්සාහයන් පසුපස ඇති එකම ශක්තියයි. අලබෑන්ඩ් සහෘද එකමුතුව නිරන්තරයෙන්ම සුන්දරව හැඩගන්වන්නේ, නැවුම් අදහස් දරමින් විවිධ කුසලතාවයන් කරපින්නාගත් මේ පිරිසයි.