![](https://alaband.alachords.com/wp-content/uploads/sites/4/2024/01/AlaBand_Image.jpg)
සත්සරත් මිතුදමත් එක්ව බැඳුනු සුන්දර නිමේෂයක එක්ව ගැයූ හද රැඳි ගීත, “අපේ සින්දු” නමින් සයිබර් අවකාශයට මුදාහරිමින්, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජීවත් වන ශ්‍රී ලාංකික හිතවතුන් හිතවතියන් හා දුවා දරුවන් පිරිසක් එක්ව ගයන වයන “අලබෑන්ඩ්” මියැසි මඩුල්ලේ වෙබ් අඩවියට පිවිසි ඔබ, සාදරයෙන් පිළිගනිමු. සත්සර හා වෙළුනු මිතුදමින් නැවුම්, අර්ථවත් ප්රවේශයන් කරා යන්නට අප ගන්නා මේ උත්සාහයන් තුල අපට හැකි පමණින් ගායනා කරන සියළුම ගීතවල අයිතිය ඒවායේ නිර්මාණකරුවන් සතුය. ඔවුන්ට අපගේ ගෞරවය හා උපහාරය නිති පුදකර සිටිමු.